ඇමතිතුමා සහ මාධ්‍ය වර්ධනය
August 11, 2008 – 11:32 amලංකාවේ මාධ්‍ය වල තියෙන ඒකපාක්ෂික බව කියන්නේ, ඇමති මර්වින් සිල්වා සහ මාධ්‍ය මර්ධනය ගැන කතා කරන්න ඕනෑ තරම් අය හිටියත්, ඇමතිතුමාගෙන් මාධ්‍ය වර්ධනයට ලැබෙන සහයෝගය ගැන කිසිම කෙනෙක් කතා කරන්නෙ නැහැනෙ. ඉරිසියාව!
මේ මඩ ගැහිල්ලට අළුතින්ම එකතු වුන පහුගිය ඉරිදා ලක්බිම පුවත්පතේ කාටූනයයි මේ.
ලංකාවෙ ඉන්න කලාකාරයො හැම දෙනාම ගිරිය පුප්පාගෙන ඇමතිතුමාට දොස් කිව්වත්, එතුමා නැතිවුනු දවසක තමන්ගෙ බඩ වියත රැක ගන්න මොනව කියන්නද, මොනව ලියන්නද කියල පොඩ්ඩක් හිතල බලන්නෙ නැහැනෙ මේ මිනිස්සු. පහුගිය දවස් වල මේ රටේ ලොකු, කුඩා පුවත්පත් වල තීරු රචකයින්ගේ, කාටූන් ශිල්පීන්ගේ ගෙවල් වල බත ඉදුනේ කාට පිං සිදුවෙන්නද කියල අපි හැමෝම දන්නවනෙ. ඒ විතරක්ද… එකතැන පල්වෙන තමන්ගෙ නිර්මාණශීලී බව වැඩි දියුණු කරගන්නත් ඇමතිතුමාගෙන් වෙන සේවය අසමසමයි.
එහෙව් උතුමෙකුට මෙහෙම පහර ගහන, ගරහන දුෂ්ටයන්ට අච්චු කරන්නට දුටුගැමුණු රජතුමාවත් එන්නෙ නැහැනෙ ආයෙත් ඉපදිලා!


